Search

ඔස්ට්‍රේලියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙකු දිවියෙන් සමු ගනියි

ඔස්ට්‍රේලියාවේ හිටපු ආරක්ෂක අමාත්‍යවරයෙක් මෙන්ම ලිබරල් පක්ෂයේ ඉදිරි පෙළ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ කෙවින් ඇන්ඩෲස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අභාවප්‍රාප්ත වනවිට ඔහු 69 හැවිරිදි වියේ පසුවූ බවයි දැක්වෙන්නේ.

වසරක කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් ඔහු දැඩි ලෙස පීඩා විදි බවයි පැවසෙන්නේ.

ඔහු ආරක්ෂක, සමාජ සේවා, සංක්‍රමණ වැනි වැදගත් අමාත්‍ය ධූර රැසක කටයුතු කර තිබෙන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන ටෝනි ඇබට් විසින් X පණිවිඩයක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ කෙවින් ඇන්ඩෲස් විසින් තම රට , ප්‍රජාව සහ පක්ෂය වෙනුවෙන් සිදු කළ සේවාව සම්බන්ධයෙන් ආඩම්බර වන බවයි.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »