
මෙල්බන් හි බටහිර ප්රදේශයේ පිහිටි කාර්මික වැඩපොළක ගින්නක් ඇතිවී තිබෙනවා.
මෙම සිද්ධියෙන් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
තත්වය පාලනය කිරීම සදහා ගිනි නිවන භටයින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යොදවා තිබෙන බව ද සදහන්.

මෙම ගින්න හේතුවෙන් අදාළ ගොඩනැගිල්ල විනාශ වී තිබෙන බවයි දැක්වෙන්නේ.
කෙසේ වෙතත් මෙම ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති බවද වැඩිදුරටත් සදහන්.
