ලොව තරුණ ප්‍රජාව අතර බඩවැල් පිළිකා (Bowel Cancer) වැඩිම ඇති රට බවට ඔස්ට්‍රේලියාව පත්ව තිබෙනවා.
මෙම නව සොයා ගැනීම සිදු කර ඇත්තේ ඇමෙරිකානු පිළිකා සංගමය (American Cancer Society) විසින් සිදුකරන ලද අධ්‍යයනයක් හරහා වීම ද විශේෂත්වයක්.
එහිදී ලොව පුරා රටවල් 50 ක වයස අවුරුදු 50 ට අඩු සහ අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් මෙම රෝගී තත්වයට ගොදුරු වී තිබෙන අනුපාතය සංසන්දනය කර තිබෙන බවයි දැක්වෙන්නේ.
ඒ අනුව ඔස්ට්‍රේලියා ජනගහනයෙන් පුද්ගලයන් 100,000 කින් පුද්ගලයන් 16.5 කට පමණ මෙම රෝගී තත්වය වැළදීමේ අනුපාතයක් පවතින බවට අධ්‍යයනය හරහා හදුනා ගෙන තිබීම ද කැපී පෙනෙනවා.
මේ අතර මෙම අධ්‍යයනයේදී ඇමෙරිකා එක්සත් ජනපදය සහ නවසීලන්තයද තරුණ ප්‍රජාව අතර බඩවැල් පිළිකා වැළදීමේ අනුපාතය අතින් ඉදිරියට පැමිණ තිබෙන බවයි සදහන් වන්නේ.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව ඇතුලු අධ්‍යයනය සදහා නියැදිය වශයෙන් තෝරා ගත් රටවල් රැසක අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ගේ බඩවැල් පිළිකා වැළදීමේ අනුපාතය අඩු මට්ටමක පැවතීම ද විශේෂත්වයක්.