විද්‍යාගාරයක් තුළ දී ජානමය වෙනස්කම් වලට ලක් කර නිෂ්පාදනය කර කෘත්‍රීම මාංශ (Lab – Grown Meat) සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් අතර යම් කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
මෙවැනි පසුබිමක Vow Group විසින් එලෙස සකස් කරන ලද වටු (Quail) මාංශ වෙළදපොලට නිකුත් කිරීම සදහා Food Strandards Australia News Zealand (FSANZ) ආයතනයෙන් අවසර ඉල්ලා තිබෙන බවයි සදහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් Food Strandards Australia News Zealand (FSANZ) ආයතනය පෙන්වා දී ඇත්තේ Lab – Grown Meat වර්ග ආහරයට ගැනීමෙන් ඇති විය හැකි ආරක්ෂිත ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් හදුනා ගෙන නොමැති බවයි.
කෙසේ වෙතත් Lab – Grown Food වර්ග නියාමනය කරන ආකාරය පිළිබදව සොයා බැලීමක් සිදුකරන අතර එවැනි ආහාර වර්ග වෙළදපොළට නිකුත් කිරීම සදහා Food Strandards Australia News Zealand (FSANZ) ආයතනයේ අනුමැතිය හිමි විය යුතු බවයි එහි දැක්වෙන්නේ.
ඒ අනුව මෙම වර්ගයේ ආහාර වෙළද පොලට නිකුත් කිරීමේදී “Cell – Cultured” හෝ Cell Cultivated” ලෙස අදාළ ලේබලයේ සදහන් කළ යුතු බවයි ඔවුන්ගේ නිර්දේශ නිර්දේශය වී ඇත්තේ.
Lab – Grown Meats සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ ප්‍රතිචාරය කෙසේදැයි මෙතෙක් නිශ්චිතව සදහන් කළ නොහැකි බව විද්වත් මතය වී තිබෙනවා.
නමුත් ඔස්ට්‍රේලියානු ගොවීන් විසින් මෙම ක්‍රියාවලිය තම සාම්ප්‍රදායික ජීවනෝපායට තර්ජනයක් ලෙස දැකිය හැකි බවඑහි සදහන්ව තිබීම ද කැපී පෙනෙනවා.