Search

සංක්‍රමණික මරණයක් නිසා වික්ටෝරියා සමාගමකට $ ලක්ෂ ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පළතුරු වගාකරන සමාගමකට ඩොලර් 750,000 ක දඩයක් ගෙවීමට සිදුව තිබෙනවා.

මෙලෙස දඩ මුදල් නියම කර ඇත්තේ උතුරු වික්ටෝරියා හි Swan Hill අසල පිහිටි Cutri Fruit සමාගමට වීම ද විශේෂත්වයක්.

Cutri Fruit සමාගමට මෙම දඩ මුදල පනවා ඇත්තේ 2022 වසරේ ජනවාරි මාසයේදී අදාළ සමාගමේ සේවයේ නියුතු පුද්ගලයෙකු තම සේවා මුරයේ වැඩ කටයුතු කරමින් සිටියදී ට්‍රේලරයක් සහිතව ගමන් කළ ට්‍රැක්ටරයක ගැටී මරණයට පත්වීමේ සිදුවීමට අදාළව බවයි දැක්වෙන්නේ.

මෙලෙස මරණයට පත්වූයේ 70 හැවිරිදි පසුවූ ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන අතර අනතුර සිදුවූ අවස්ථාවේදී කම්කරුවන් සිව් දෙනෙකු ට්‍රැක්ටරයේ ට්‍රේලරය මත ගමන් කර තිබෙන බවයි මේ සමබන්ධව WorkSafe විසින් සිදු කළ විමර්ශනයෙන් අනාවරණය වී ඇත්තේ.

එලෙස පළතුරු රැගෙන යාම සදහා යොදාගන්නා ට්‍රේලරයක සේවකයන් ප්‍රමාණය කිරීමට හැකියාවක් නොමැති බවයි එහි වැඩි දුරටත් සදහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාගම විසින් මිල්දුරා ප්‍රාන්ත අධිකරණයේදී වරද පිළිගෙන ඇති අතර ඒ අනුව මෙම දඩ මුදල ඔවුන් වෙත පනවා තිබෙන බවයි දැක්වෙන්නේ.