Search

ඔස්ට්‍රේලියානුවන්ගේ අඩුම විශ්වාසය ඇති Brands ගැන අනාවරණයක්

ඔස්ට්‍රේලියානුවන් විසින් අඩු විශ්වාසයක් තබා තිබෙන සන්නාමයන් පිළිබදව නව අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

රෝයි මෝගන් (Roy Morgan) වෙළද පර්යේෂණ සමාගම විසින් සිදු කර ඇති මෙම අධ්‍යයනය සදහා මෙම වර්ෂයේ සැප්තැම්බර් කාර්තුවට අයත් දත්ත උපයෝගී කරගෙන තිබෙන බවයි සදහන් වන්නේ.

ඔස්ට්‍රේලියානුවන් විසින් අඩුම විශ්වාසයක් තබා තිබෙන සන්නාමය බවට Optus සමාගම පත්ව තිබෙන අතර එහි දෙවන ස්ථානය Woolworths සුපිරි වෙළද සැල් ජාලයට හිමිව තිබීම ද විශේෂත්වයක්.

මෙම ශ්‍රේණිගත කිරීමේදී තෙවන ස්ථානය Coles සුපිරි වෙළද සැල් ජාලය වෙත හිමි වෙද්දී ඔස්ට්‍රේලියානුවන් විසින් අඩුම විශ්වාසයක් තබා තිබෙන සන්නාම අතර සිව් වන ස්ථානය Qantas සමාගම වෙත හිමිව තිබුණා.

ලොව පුරා ප්‍රචලිත සමාජ මාධ්‍ය ජාලාවක් වන Facebook හි මව් සමාගම වන Meta වෙත මෙම ලැයිස්තුවේ පස් වන ස්ථානය හිමිව තිබෙන අතර එහි හය වන ස්ථානය Telstra සමාගමට හිමිව තිබෙන බවයි සදහන් වන්නේ.

ශ්‍රේණිගත කිරීමේදී හත්වන සහ අටවන ස්ථාන පිළිවෙලින් News Crop සහ Temu යන සමාගම් හිමිකරගෙන තිබෙන පසුබිමක එහි නව වන ස්ථානය හිමි වී ඇත්තේ X සමාජ මාධ්‍ය ජාලය වෙතයි.

ඔස්ට්‍රේලියානුවන් විසින් අඩුම විශ්වාසයක් තබා තිබෙන සන්නාමය අතර දස වන ස්ථානය TikTok සමාජ මාධ්‍ය ජාලය වෙත හිමිව තිබීම ද කැපී පෙනෙනවා.