
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් බදු සංශෝධන කිහිපයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව මෙල්බන් නාගරික කලාපයේ රථ වාහන ගාල් කිරීමේදී දැනට අය කෙරෙන ගාස්තුව ඉහළ දැමීමට නියමිතයි.
එමෙන්ම විද්‍යුත් වාහන ලියාපදිංචියේ දී මෙතෙක් ලබා දී තිබූ ගාස්තු සහනය ද කපා හැරීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ එක් පවුලකට වසරක් සදහා තවත් අමතර ඩොලර් 60 ක මුදලක් බදු වශයෙන් ගෙවීමට සිදු වන අතර ප්‍රාන්ත හදිසි සේවා අරමුදල වෙත යෙදවීමට නියමිතයි.
මෙම වසරේ අයවැය හිඟය ඩොලර් බිලියන 1.4 ක් පමණ වන අතර බදු ඉහළ දැමීම හරහා අයවැය හිඟය පියවීම ප්‍රාන්ත රජයේ සැලසුම වී තිබෙන බව ද වැඩිදුරටත් සදහන්.

මේ සම්බන්ධයෙන් භාණ්ඩාගාරික Tim Pallas විසින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාන්ත රෝහල් සදහා ලබාදෙන අරමුදල් ප්‍රමාණය වැඩි කිරීම හේතුවෙන් මෙම අයවැය හිඟය වර්ධනය වී තිබෙන බවයි.
ලබන වසරේ ජූලි මස 1 වනදා සිට දැනට ක්‍රියාත්මක වන ගිනි සේවා (Fire Service) බද්ද හදිසි සේවා සහ ස්වේච්ඡා අරමුදල (Emergency Service and Volunteers Fund) ලෙස සංශෝධනය කිරීමට ප්‍රාන්ත රජය විසින් පියවර ගෙන තිබෙනවා.
ඒ හරහා ද ප්‍රාන්තයේ හදිසි සේවා සදහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සිදු වන බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.