Search

ශ්‍රී ලංකා කතානායක ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රංවල මහතා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු ආරම්භ කළේය.

වත්මන් කථානායකවරයා පසුගිය මැතිවරණයට තරග කිරීමට පෙර ද, 2024 පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන අවස්ථාවේ දී ද, පාර්ලිමේන්තුවට තේරී පත්වී කථානායක ධුරයට තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී ද කථානායක ධුරයේ රාජකාරී භාරගත් පසුව ද ඔහු වෙත නොමැති මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලබාගත් රසායනික ඉංජිනේරු විද්‍යා පිළිබඳ BSc උපාධියක් ද, ජපානයේ වසේදා සරසවියෙන් ලබාගත් ආචාර්ය උපාධියක් ද ඇති බව හුවා දක්වමින් ඔහුගේ නම සමග ආචාර්ය යනුවෙන් භාවිත කර ඇති නිසා ද මේ සම්බන්ධයෙන් ජනතාවගෙන් විරෝධයක් එල්ලවන අවස්ථාවේදී හා තොරතුරු විමසීමේ දී නිහඬව සත්‍ය වසන් කර ඇති නිසා මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගය පවසයි.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුනාතිලක, පා.ම. ජේ. සී අලවතුවල, අජිත් පී පෙරේරා, සුජිත් සංජය පෙරේරා, චතුර ගලප්පත්ති, ජගත් විතාන සහ හර්ෂණ රාජකරුණා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරනු ලැබීය.

ඉල්ලා අස්වීම ලිපිය පහතින්,

 

2032 බ්‍රිස්බන් ඔලිම්පික් උළෙලේ අයවැය හිඟයක්

2032 වසරේ දී ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හීදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් සහ පැරා ඔලිම්පික් උළෙලේ අයවැය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගත වී තිබෙනවා.

Read More »

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »