Search

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට යළිත් Beechcraft ගුවන් යානයක්

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට අයත් Beechcraft King Air 350 වර්ගයේ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ප්‍රදානය කිරීමේ නිල උත්සවය ඊයේ පැවැත්වුණා.

ඒ සමගම සමුද්‍රීය ආරක්ෂක තර්ජන මැඩලීම සඳහා ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව දක්වන කැපවීම තවදුරටත් ශක්තිමත් වන බවයි වාර්තා වන්නේ.

ඔක්තෝම්බර් මස අගදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නීත්‍යානුකූලව භාර දුන් නවීන ද්විත්ව එන්ජින් සහිත මෙම ගුවන් යානය මිනිසුන් ජාවාරම් ඇතුළු ජාත්‍යන්තර අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා ලැබුණු සුවිශේෂි අවස්ථාවක් ලෙස සදහන්.

මෙමගින් ශ්‍රී ලංකාවේ ගුවන් සමුද්‍ර නිරීක්ෂණ හැකියාව සැලකිය යුතු ලෙස වැඩිකිරිමට අවස්ථාව හිමිවනු ඇති.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ඔස්ට්‍රේලියාවෙන් ලැබුණු මෙම ත්‍යාගය ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා දෙරටේ අන්‍යෝන්‍ය සහයෝගය ශක්තිමත් කිරීමට උපකාරි වන බවයි.

“සමුද්‍රීය ආරක්ෂාවට තර්ජනයක් වන ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීමට අපට ඇති හැකියාව ශක්තිමත් කරනවා පමණක් නොව අපගේ ජාතීන් අතර පවතින බැඳීම වැදගත් ලෙස අවධාරණය කරන ත්‍යාගයක් වන King Air 350 ගුවන් යානය ගැන මම අවංකවම ස්තූති වන්න වන බව” එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සදහන් කළා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »