වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව මේ සතියේ දැක ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව හිමිවනවා.
Geminid ලෙස නම් කෙරුණු මෙම උල්කාපාත වර්ෂාව ඉදිරි දින කිහිපය තුළ ලොව පුරා උපරිම පරාසයක දැකගත හැකි බවයි වාර්තා වන්නේ.
Geminid උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ Phaethon 3200 නම් ග්‍රහකයා පසුකර යෑමත් සමගයි.
තවද Geminid උල්කාපාත වර්ෂාව පැයකට උල්කාපාත 120 ක් දක්වා නිපදවිය හැකි බව සදහන්.
ඒ අනුව දෙසැම්බර් 14 අලුයම අහසේ උල්කාපාත වර්ෂාව දැකගැනීමට අවස්ථාව ඔස්ට්‍රේලියානුවන්ට හිමිවනවා.
ඒ ඒ ප්‍රධාන නගර වලට උල්කාපාත වර්ශා දිස්වෙන වේලාවන් පහත පරිදි වේ. (දෙසැම්බර් 14)
ඒ අනුව උල්කාපාත වර්ෂාව හෙට ශ්‍රී ලංකාවටත් දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා.
හෙට රාත්‍රී 9න් පසුව උතුරු නැගෙනහිර අහසේ දර්ශනය වන මෙම උල්කාපාත පැයකට 120ක් පමණ දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දික මැදගංගොඩ මහතා පවසනවා.