Search

ලොව ළාබාලතම චෙස් ශූරයා දකුණු ආසියාවෙන්

ඉන්දීය යෞවනයෙක් ‘ලොව ළාබාලතම චෙස් ශූරයා’ ලෙස අභිසෙස් ලබා තිබෙනවා.

ඔහු නමින්ගුකේෂ් දොමරජු (Gukesh Dommaraju)

18 හැවිරිදි ගුකේෂ් ඊයේ (12) සිංගප්පූරුවේ පැවති ලෝක ශූරතා චෙස් තරගාවලියේ අවසන් මහා තරගයේදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ වත්මන් ශූර චීනයේ ඩිං ලිරන් (Ding Liren) අභිබවා යමින්.

ඒ අනුව ඩිං ලිරන්ව 7.5 – 6.5 ක් ලෙස පරාජය කළ ගුකේෂ් දොමරජු, 18 වැනි ලෝක චෙස් ශූරයා ලෙස ඉතිහාසගතවනු ඇති.

තරග 14 කින් සමන්විත ලෝක ශූරතා තරගාවලිය පසුගිය දෙසතිය තුළ ලොව පුරා චෙස් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබුණා.

එමෙන්ම මෙම ජයග්‍රාගී මොහොත වසර 10 කට වැඩි කලක් තිස්සේ තමන් දුටු සිහිනයක් බවයි ඔහු සඳහන් කර තිබුණේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »