ටස්මේනියා ප්‍රාන්තයේ Launceston උද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට තබා සිටි ජපන් වදුරන් විශේෂයක් විෂබීජහරණය කොට ස්වාභාවික මරණයකට ලක් කිරීමට Launceston නගර කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.
මෙලෙස කටයුතු කිරීමට පියවර ගෙන ඇත්තේ 1981 වසරේ සිට Launceston උද්‍යානයේ සිටි ජපන් Macaques වර්ගයේ වදුරු විශේෂයකට බවයි වාර්තා වන්නේ.
වදුරන් දස දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ජපානයේ ඉකේඩා නගරයෙන් ත්‍යාගයක් ලෙස 1981 වර්ෂයේදී මෙම උද්‍යානය වෙත ලැබී තිබෙන බවයි සැලකෙන්නේ.
2000 වර්ෂයේදී මෙම වඳුරන් පිරිසට Harpes B වෛරසය ආසාදනය වී තිබෙනවා.
මෙම වඳුරන්ගේ බෝවීමේ ක්‍රියාවලිය පාලනය කිරීම උදෙසා Launceston නගර කවුන්සිලය විසින් මෙම පියවර ගෙන තිබීමද විශේෂත්වයක්.
ඔස්ට්‍රේලියානු ජෛව ආරක්ෂණ නීති යටතේ ජපන් Macaques වර්ගයේ වඳුරන් ආනයනය කිරීම මේ වනවිට නවතා දමා තිබීමද කැපී පෙනෙනවා.