Search

උත්සව සමයේ විදෙස් සංචාර යන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ දැනුම් දීමක්

සිංගප්පුරුවේ සිට පර්ත් වෙත පැමිණි විදේශිකයෙකුට සරම්ප රෝගය ආසාධනය වී ඇති බව තහවුරු වි තිබෙනවා.

අදාළ විදේශිකයා දෙසැම්බර් 8 ඉරිදා අලුයම සිංගප්පූරුවේ සිට පර්ත් වෙත පැමිණ ඇති අතර ඒ සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ225 දරණ ගුවන් යානයෙන් බව සඳහන්.

මේ මාසයේ පර්ත් නගරයෙන් සරම්ප රෝගියෙක් හඳුනාගත් දෙවන අවස්තාව ද මෙයයි.

ලොව පුරා රටවල් කිහිපයක් මේ දින වල සරම්ප රෝගය ව්‍යාප්ත වන අතර විදේශ සංචාරයන් හි නියුතු ඔස්ට්‍රේලියානුවන්ට හැකිතාක් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් ගන්නා ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.

සරම්ප රෝගය ඉතා වේගයෙන් ව්‍යාප්ත වන අතර උණ, තෙහෙට්ටුව, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස සහ ඇස් රතු වීම සරම්ප රෝගයේ ලක්ෂණ වනවා.

දින තුනක් හෝ හතරකට පසුව රතු ලප ඇතිවිය හැකි බැවින් සරම්ප එන්නත් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින් අදාළ එන්නත් ලබා ගන්නා ලෙස දැනුම් දෙනවා.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »