දිනකට කිරි ලීටර් 62,000ක වාර්තාගත කිරි නිෂ්පාදනයක් සිදු කිරීමට අඹේවෙල ගොවිපල සමත්ව තිබෙනවා.
දිනකට වාර්තා කරන ලද ලීටර් 3,000 සිට ලීටර් 60,000 දක්වා ඉහළ යෑම සැබවින්ම දැවැන්ත වර්ධනයක් ලෙසයි පෙන්වා දි ඇත්තේ.
2001 දී රාජ්‍ය අංශයෙන් මෙම අඹේවෙල ගොවිපොළ පවරා ගන්නා විට ආරම්භයේ දී දෛනික නිෂ්පාදනය පැවතී ඇත්තේ ලීටර් 3000ට අඩුවෙන් බව සදහන්.
දැන් එය ශ්‍රී ලංකාවේ ජාතික සැපයුමට වාර්ෂිකව කිරි ලීටර් මිලියන 20ක් ලබා දෙන බවයි වාර්තා වන්නේ.
2019 වසරේ දී මෙම ගොවිපල කටයුතු නවීකරණය සඳහා රුපියල් බිලියන 5ක ආයෝජනය කර ඇති අතර
ස්වයංක්‍රීය කිරිදෙවීමේ පද්ධති දෙකක් ද හඳුන්වාදී තිබුණා.
මෙම පද්ධති වසර දෙකක් ඇතුළත නිෂ්පාදන ධාරිතාව දෙගුණ කළ අතර ඒ යටතේ එම ගොවිපොළ ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට පැමිණ ඇති බව සදහන්.
ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ගවයන්ගේ ශුක්‍ර තරලය යොදා ගනිමින් උසස් අභිජනන වැඩසටහනක් දේශීයව සිදුකර ඉහළ අස්වැන්නක් ලබාදෙන එළදෙනුන් නිෂ්පාදනය කිරීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ.