ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් “Audult crime, adult time”නව අපරාධ නීති ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ දී සම්මත කර තිබෙනවා.
ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් ක්‍රිසාෆුලි විසින් ලබා දුන් මැතිවරණ පොරොන්දුවක් මත පදනම්ව මෙම නව නීති සම්මත කිරීම සිදු කර තිබෙයි දැක්වෙන්නේ.
එම නව නීති හරහා න්ගේ අපරාධ ක්‍රියාකාරම් පාලනය කිරීමට හැකියාව ලැබෙන බව ද සදහන්.
“Audult crime, adult time” නමින් හදුන්වන මෙම නව නීති බරපතල අපරාධ 13 ක් සදහා අදාළ වන වීම ද විශේෂත්වයක්.
මනුෂ්‍ය ඝාතනය, මනුෂ්‍ය ඝාතනයක් සදහා තැත් කිරීම, බරපතල පහර දීම්, නිවාස වලට සහ ව්‍යාපාරික ස්ථානවලට අනවසරෙන් ඇතුළු වීම සහ මංකොල්ල කෑම් වැනි බරපතල ගණයේ අපරාධ ද ඒ යටතට ගැනෙන බවයි සදහන් වී ඇත්තේ.
මෙම නව නීති යටතට ගැනෙන බරපතල අපරාධ ක්‍රියාකරකම්වල නිරත වන යොවුන් වියේ අපරාධකරුවන්ට ද වැඩිහිටි අපරාධකරුවන්ට හිමිවන දඩුවම් වලට යටත් වීමට සිදුවීම ද කැපී පෙනෙනවා.