Search

වික්ටෝරියා 12න් පහල බාලිකා ක්‍රිකට් කණ්ඩායමට ලාංකික දැරියක්

වික්ටෝරියා 12න් පහල බාලිකා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දියණියක් සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව කියානා ජයවර්ධන නම් දැරියක් මෙවර වික්ටෝරියා බාලිකා කණ්ඩායමට එක්වීමට සුදුසුකම් ලබා තිබුණා.

2024 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 6 දක්වා දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පැවති School Sport Australia ක්‍රිකට් ශූරතාවලිය සදහා සහභාගි වීමට කියානා ජයවර්ධනය අවස්ථාව හිමි වුණා.

ඇය Melbourne Cricket Coaching හි පුහුණුවීම් ලද ක්‍රීඩිකාවක් වන අතර School Sport Australia තරගාවලිය සදහා වික්ටෝරියා කණ්ඩායම නියෝජනය කිරීමට Melbourne Cricket Coaching හි ක්‍රීඩකයින් තුන්දෙනෙකුට මෙවර අවස්ථාව හිමි වූ බව සදහන්.

කියානා ජයවර්ධනය වසර ගණනාවක් සිට කැපවීමෙබ් පුහුණුවීම් කර අදාළ නිපුණතා සංවර්ධනය කළ ක්‍රීඩිකාවක් බවයි MCC ආයතනය සදහන් කළේ.

ඒ අනුව අවුරුදු 12න් පහළ වික්ටෝරියා බාලිකා කණ්ඩායමට MCC ක්‍රිඩිකාවන් දෙදෙනෙක් වන කියානා ජයවර්ධන සහ ඇනා ෂයින් සුදුසුකම් ලැබුවා.

මේ අතර Aarav VinothKumar 12න් පහළ වික්ටෝරියා බාලක කණ්ඩායම සදහා MCC මගින් තේරිපත් වූ ක්‍රීඩකයෙක්.

වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ආශාව සහ ක්‍රීඩාව කෙරෙහි ඇති කැපවීම මත ඔවුන් මෙවර වික්ටෝරියා බාලක බාලිකා ක්‍රිකට් කණ්ඩායම් වලට එක්වූ බවයි සදහන් වන්නේ.