Search

අධික තරබාරු කම ආයු කාලය අඩු කරයි

ඔස්ට්‍රේලියාවේ 2024 වසරේ ඇස්තමේන්තු කර ඇති මුළු රෝග වලින් සියයට 8.3 ක් අධික බර හෝ තරබාරුකම නිසා හටගත් රෝග බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.

ඒ අනුව දුම්පානයට වඩා තරබාරුකම නිසා ඇතිවන රෝගි තත්වයන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කරන බව එම වාර්තා පෙන්වා දෙනවා.

Australian Burden of Disease Study 2024 වාර්තා පෙන්වා දෙන්නේ නිරෝගි ජිවිතයක් සදහා ඇති කාලසීමාව අධික තරබාරුව නිසා ජනතාවට අහිමි වන බවයි.

අධික තරබාරුකමට එරෙහිව ජනතාව වෙනුවෙන් යම් සෞඛ්‍ය පියවරක් ගන්නා ලෙස සෞඛ්‍ය සංවිධාන ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

තවද දුම්කොළ නිසා මියයන ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව මෑතකාලිනව සියයට 10කින් අඩුව තිබීම සාධනීය තත්වයක් බවයි එම වාර්තා පෙන්වා දී ඇත්තේ.

තවද තරණ ඔස්ට්‍රේලියානුවන් e- දුම්වැටි භාවිතයෙන් ඉවත් කිරීම සදහා ෆෙඩරල් රජය නොයෙක් නිතිමය පියවර ගෙන ඇති බැවින් දුම්වැටි උවදුර ක්‍රමයෙන් පහව යනු ඇතැයි එම වාර්තා පවසනවා.

නමුත් තරබාරුකම වර්තමානයේ බරපතල තත්වයක් බවට පත්ව ඇති අතර විශේෂයෙන් කාන්තාවන්ගේ අධික බර පාලනය කල නොහැකි මට්ටමට ලගාවී ඇති බව ද සදහන්.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »