ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින්ට තමන් වෙසෙන ප්‍රාන්තයට අදාළව සංක්‍රමණ ආයතන සහ නිලධාරීන්හා සම්බන්ධවීමට නොහැකි දිනයන් පිළිබද දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් මස අදාළ Skilled and Business migration කාර්යාලය වසා තැබෙන දිනයන් පිළිබදව ඒ ඒ ප්‍රාන්ත රාජ්‍ය වෙබ් අඩවි වල දැනුම්දීමක් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ Victoria’s Skilled and Bussines Migration වැඩසටහන් දෙසැම්බර් 20 දින සිට 2025 ජනවාරි 6 දක්වා කාලසීමාව තුළ අඩු ධාරිතාවකින් සිදු කෙරන බවයි දැනුම් දී ඇත්තේ.
සාමාන්‍ය දිනයන්ට සාපේක්ෂව මෙම කාලසීමාවේ අවශ්‍ය කටයුතු සදහා වැයවන කාලය වැඩි වන බව සදහන්.
දකුණු ඔස්ට්‍රේලියාවේ Skilled and Business migration කාර්යාලය දෙසැම්බර් 24 වනදා දහවල් 12 සිට 2025 ජනවාරි 2 වන දා දක්වා වසා තැබෙන බවයි දැනුම් දී ඇත්තේ.
බටහිර ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සේවා කාර්යාලය දෙසැම්බර් 25 වනදා සම්පූර්ණයෙන්ම වසා තැබෙනවා.