Search

මෙල්බන් හි සරාගීම කෞතුකාගාරය විවෘත කෙරේ

මෙල්බන් හි සරාගීම කෞතුකාගාරය විවෘත කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 7 වනදා මෙම කෞතුකාගාරව විවෘත වු අතර මෙය වැඩිහිටියන්ට පමණක් වන කෞතුතාගාරයක් ලෙසයි ප්‍රසිද්ධ වී ඇත්තේ.

කෞතුකාගාරය වැඩිහිටියන්ට පමණක් වන අතර ආදරය, සතුට සහ ලිංගිකත්වය සැමරීම සඳහා නිර්මාණය කර ඇති බහු අවකාශයක් සහිත කෞතුකාගාරයක් ලෙස මෙය ප්‍රසිද්ධ වී තිබෙනවා.

The Museum of Desire ලෙස නම් කර ඇති මෙම කෞතුකාගාරය සදහා ඇතුල්වීමට හැක්කේ වයස අවුරුදු 18 වැඩි අය සදහා පමණක් බව සදහන්.

ලිංගිකත්වය වටා සමාජ සම්මතයන් වෙනස් කිරීම සහ ලිංගිකත්වය තුළින් කලාවක් නිර්මාණය කර එය ප්‍රේක්ෂකයාට දැනවිමට මෙය ස්ථාපිත කර ඇති බවයි වාර්තා වන්නේ.

The Museum of Desire කෞතුකාගාරය සඳහා ප්‍රවේශපත් දැන් එම වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි අතර මිල ගණන් ඩොලර් 33 සිට ආරම්භ වනු ඇති.

මෙම සරාගී කෞතුකාගාර අත්දැකීම ඔබ පෙර කිසි දිනක දැක නැති කෞතුකාගාරයක් ලෙසයි නම් කර ඇත්තේ.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »