Search

මෙල්බන් ඇතුලු Airport 5ක Qantas ඉංජිනේරුවන් අද වර්ජනයක

වැටුප් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් Qantas ඉංජිනේරුවන් පිරිසක් අද පැය 24ක වර්ජනයක් ආරම්භ කිරිමට සැළසුම් කර තිබෙනවා.

මෙම සති අන්තය ක්වන්ටා ගුවන් සේවා රැසක් කාර්යබහුල වන අතර මෙලෙස ඉංජිනේරුවන් වෘත්තීය ක්‍රීයාමාර්ග වල නිරතවිමෙන් ගුවන් මගීන්ට බලපෑම් එල්ල විය හැකි බව සඳහන්.

ප්‍රධාන ගුවන් තොටුපළවල් පහක් මුල් කරගනිමින් පුරා පැය 24ක වැඩ වර්ජනයක් කිරීමට ක්වන්ටාස් ඉංජිනේරුවන් සිය ගණනක් සූදානම් වීමත් සමඟ අද ගුවන් මගීන්ට ප්‍රමාදයන් සහ බාධා මතුවිය හැකිබවයි වාර්තා වන්නේ.

මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන් උත්සව සමයේ ගුවන් ගමන් සදහා සූදානම් වන බැවින් මෙය ගුවන් මගින්ට බලපෑමක් වේද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කර තිබෙනවා.

ක්වන්ටාස් ඉංජිනේරුවන් 500කට ආසන්න සංඛ්‍යාවක් අද අලුයම 3.30 සිට හෙට පෙරවරු 7.30 දක්වා මෙලෙස සේවයෙන් ඉවත්ව සිටිනු ඇති බවයි දැනුම් දී ඇත්තේ.

ඒ අනුව ක්වන්ටාස් ඉන්ජිනේරු වෘත්තිය සංගම් සිඩ්නි,මෙල්බර්න්, බ්‍රිස්බේන්, පර්ත් සහ ඇඩිලේඩ් ගුවන් තොටුපළවල මෙලෙස පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව සඳහන්.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »