Search

2025 ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියා

2025 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් සහිත රැකියා පිළිබඳ නවතම අධ්‍යනයක් වික්ටෝරියා විශ්ව විද්‍යාලය විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ පවතින ශ්‍රම හිගය සහ රැකියා ඉල්ලුම සැළකිල්ලට ගනිමින් මෙම අධ්‍යනය සිදු කර තිබුණා.

2025 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති රැකියාව ලෙස නම් කර ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ ඉදිකිරීම් කළමනාකරුවන් බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රේණිගත කිරීමට අනුව සිවිල් ඉංජිනේරු වෘත්තිකයින්ට ලබන වසරේ වැඩිම ඉල්ලුමක් සහිත දෙවන රැකියාව ලෙස සදහන් කර තිබෙනවා.

තවද දරුවන්ගේ අනාගත අධ්‍යාපනය හැඩගස්වා ගැනීමට උපකාරී වන මුල් ළමාවිය මධ්‍යස්ථාන ගුරුවරුන් මෙන්ම ලියාපදිංචි හෙදියන් එම ශ්‍රේණිගත කිරිමේ 3 සහ 4 වන තැනටයි නම් කර ඇත්තේ.

තවද තොරතුරු තාක්ෂණ ශිල්පීන් සහ පද්ධති විශ්ලේෂකයින් එහි 5 වන තැනටත්
විදුලි කාර්මිකයින් සූපවේදීන් සහ Childcare workers මෙලෙස 2025 වසරේ වැඩි ඉල්ලුම සහිත රැකියා අතරට ඇතුලත් කර තිබෙනවා.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »