Search

000 තාක්ෂණික දෝෂයක් නිසා Telstra සමාගමට ලොකු දඩයක්

මෙම වසර මුලදී සිදුවූ 000 හදිසි ඇමතුම් අංශය වෙත ඇමතුම් සම්බන්ධ කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් Telstra සමාගමට ඩොලර් මිලියන 3 කට වැඩි දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබෙනවා.

මෙම තත්වය මාර්තු මස 1 වනදා උද්ගත වී ඇති අතර එහිදී දළ වශයෙන් ඇමතුම් 127 ක් පමණ හදිසි ඇමතුම් අංශය වෙත සම්බන්ධ කිරීමට නොහැකි වී තිබෙන බවයි එහි දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු සන්නිවේදන හා මාධ්‍ය අධිකාරිය (Australian Communications and Media Authoriy) විසින් සිදු කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ
විනාඩි 90 ක කාලසීමාවක් තුළ Telstra සමාගම විසින් නීති කඩ කිරීම් 473 ක් පමණ සිදු කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ සමාගම විසින් Backup දුරකතන අංක උපයෝගී කර ගනිමින් අදාළ දුරකතන අංක අදාළ සේවාවන් සමග සම්බන්ධ කිරීමට උත්සහ දරා තිබෙන බවද පරීක්ෂණයේදී හෙළිදරව් වී තිබෙනවා.

එහිදී ඇමතුම් 346 ක් සාර්ථකව යොමු කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණද අදාළ ඇමතුම්කරුවන්ගේ තොරතුරු සහ ඔවුන් සිටින ස්ථාන හදිසි ඇමතුම් අංශය වෙත ලබාදීමට සමාගම අපොහොසත් වී තිබෙන බවයි මෙම පරීක්ෂණය හරහා වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

Telstra සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විකී බ්‍රැඩ් විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ගැටළුකාරී අවස්ථවේදී 000 හදිසි ඇමතුම් අංකය සමග සම්බන්ධ වීමට උත්සහ කළ හෘදයාබාධයක් වැළදී ජීවිතක්ෂයට පත්වූ මෙල්බන් ජාතිකයාගේ පවුලේ සැමගෙන් මෙන්ම අගතියට පත් සියලු දෙනාගෙන්ම තමන් සමාව අයදින බවයි.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »