සමාජ මාධ්‍ය දැවැන්තයින්ට ප්‍රවෘත්ති පල කිරීම් සදහා වන ගෙවීම් නිසි පරිදි කරන ලෙස ෆෙඩරල් රජයෙන් දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ අනුව Google ,Meta සහ Tiktok වැනි සමාජ මාධ්‍ය ජාලා හිමි ප්‍රධානීන්ට සමාජ මාධ්‍යවල පලකරන ප්‍රවෘත්ති සදහා අදාළ නිසි ගෙවිය යුතු මුදල ඔස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වෙත නොගෙවන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ෆෙඩරල් රජය දැනුම් දී ඇත්තේ.
සමාජ මාධ්‍ය ආයතන සහ ඔස්ට්‍රේලියානු මාධ්‍ය ආයතන මෙන්ම රජය අතර ඇතිකරගත් ගිවිසුම් ප්‍රකාරව සමාජ මාධ්‍ය වල පලකරන ප්‍රවෘත්ති වෙනුවෙන් අදාළ මුදලක් එක් එක් මාධ්‍ය ආයතන වෙත ගෙවීමට සමාජ මාධ්‍ය ආයතන එකග වී තිබුණා.
නමුත් සමාජ මාධ්‍ය ආයතන එකගවූ මුදල නිසි ආකාරව ගෙවා නැති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් අදාළ ගෙවීම් සිදු නොකරන සමාජ මාධ්‍ය වෙනුවෙන් දැඩි පියවර ගන්නා බව වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.