ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කළේ බොහෝ ප්‍රදේශ වල උෂ්ණත්වය අද සෙල්සියස් අංශක 35ත් 40ත් අතර අගයක් ගන්නා බවයි.
ඇඩිලේඩ් සහ මෙල්බන් හි උෂ්ණත්වය මෙම සති අන්තයේ සෙල්සියස් අංශක 30ක අගයක් ගන්නා බව සඳහන්.
තවද සඳුදා මෙල්බන් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කරන අතර ජනතාව එළිමහන් ක්‍රියාකාරකම් හි නිරතවීමට පෙර අවදානය යොමු කරන ලෙස වැඩිදුරටත් දන්වා තිබෙනවා.
මේ දින වල හිරු එළියට නිරාවරණය වෙමින් එළිමහනේ සිටින ජනතාවට සැළකිළිමත් විය යුතු අතර හැකි තාක් පානිය ජලය පරිභෝජනය කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.