එලොන් මස්ක් ඩොලර් බිලියන 400 ක ශුද්ධ වටිනාකමට ළඟා වූ ලොව පළමු පුද්ගලයා බවට පත්ව තිබෙනවා.
Bloomberg වාර්තා අනුව එලොන් මස්ක්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 400 දක්වා ළඟා වී ඇති අතර ඔහු එම සීමාව පසු කළ පළමු පුද්ගලයා බවට පත් වුණා.
කෙටිකාලයක් තුළ ඩොලර් බිලියන 20කට ආසන්න අගයකින් ඔහුගේ වත්කම ඉහළයෑමට හේතුව මස්ක්ගේ රොකට් සමාගම බවයි වාර්තා වන්නේ.
SpaceX සමාගමෙහි ආදායම් තක්සේරුව දළ වශයෙන් ඩොලර් බිලියන 350 ඉහළ දැමූ ගනුදෙනුවක් වූ බව සදහන්.
SpaceX සහ එහි ආයෝජකයින් ඩොලර් බිලියන 1.25 ක් තරම් අභ්‍යන්තර කොටස් මිලදී ගැනීමට මේ වන විටත් ඒකඟ වී තිබෙනවා. මේ අතර 2024 එක්සත් ජනපද ජනාධිපතිවරනයෙන් පසු, මස්ක්ගේ පුද්ගලික ධනයේ විශාල වැඩිවීමක් පෙන්නුම් කර තිබුණා.
මස්ක් ටෙස්ලා සහ SpaceX හි ප්‍රධාන විධායක මෙන්ම X හි හිමිකරුවනවා.