Search

වික්ටෝරියා VCE විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

වික්ටෝරියා 12 ශ්‍රේණියේ සිසුන්සිසුන් වැඩි දෙනෙක් බලා සිටි Victorian Certificate of Education උසස් පාසල් විභාග ප්‍රතිඵල අද නිකුත් කර තිබෙනවා.

ප්‍රාන්තය පුරා සිටින සිසුන් 47,000කට වැඩි පිරිසක් උසස් පාසල් විභාගය සදහා පෙනී සිට ඇති අතර විභාගයෙහි ලකුණු සාමාන්‍ය  69.52ක්.

මෙවර ප්‍රතිඵල වල විශේෂත්වය වනුයේ සිසුන් 41 ක් පරිපූර්ණ ලකුණු 99.95 ක් ලබාගෙන තිබීමයි.

එම සිසුන් අතුරින්  33 ක් පිරිමි ළමුන් වූ අතර ඉතිරි අට දෙනා ගැහැණු ළමුන් බව සදහන්.

Victorian Certificate of Education ප්‍රතිඵල  අද උදෑසන 7ට අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ මෙන්න විද්‍යුත් තැපෑලෙන් සහ SMS මගින් සිසුන් වෙත ප්‍රතිඵල නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

විභාගය සමත් සිසුන් තමන් ඉදිරියේදී හදාරන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ලබන 14 වනදා වනවිට දැනුම්දිය යුතු වනවා.

ලොස් ඇන්ජලීස් ලැව්ගිනි මරණ සහ අතුරුදන් ගණන වාර්තාගත ලෙස ඉහළට

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි ඇති කළ දැඩි සුළං මේ සතියේ නැවතත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ගිනි නිවන භටයින් ලැව්ගිනි තුනක් පාලනය කිරීමට තරඟ කරන බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »

කුඩා දරුවන් ඉන්න දෙමාපියන්ට මේ පුවත වඩාත් වැදගත් වෙයි

දරුවන්ගේ මානසික ශක්තිමත් වැඩි දියුණු කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට කුඩා කළ සිට පුහුණු කළ යුතු අභ්‍යසයන් පිළිබඳ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

Internet පහසුකම් තවත් වේගවත් කරන්න ඔස්ට්‍රේලියාව සූදානම්

වඩාත් වේගවත් සහ විශ්වාසවන්ත මෙන්ම ජනතාවට දැරිය හැකි මිලට අන්තර්ජාල පහසුකම් ලබා දිමේ නව වැඩපිළිවලක් ෆෙඩරල් රජය විසින් ආරම්භ කර තිබෙනවා.

Read More »

සති දෙකක් මෙල්බන් වැසියන්ට ලැබෙන සුවිශේෂි සේවා මෙන්න

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟාවලිය නැරඹීම සඳහා මෙල්බන් හි අමතර පොදු ප්‍රවාහන සේවා රැසක් ඊයේ සිට ධාවනය සදහා එක් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »