ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් අද නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 ජුනි 30 දක්වා ඔස්ට්‍රේලියාවේ ජනගහනය සියයට 2.1 කින් වර්ධනය වී තිබෙනවා.
එම ආයතනය ප්‍රජා අංශ ප්‍රධානී Beidar Cho පැවසුවේ, “2024 ජුනි 30 වන විට ඔස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 27.2 ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා පුද්ගලයින් 552,000 ක වැඩිවීමක් බවයි.
මෙම වසරේ විදේශ සංක්‍රමණ පැමිණීම් සංඛ්‍යාව 666,800 ක් වන අතර පිටත්වීම් 221,200 ක් වාර්තා වනවා.
ඒ අනුව ශුද්ධ විදේශ සංක්‍රමණයේ මෑත කාලීන පහත වැටීමක් පෙන්නුම් කළ අතර 2024 ජුනි 30 දක්වා වසර සඳහා පුද්ගලයින් 445,600 ක් ඔස්ට්‍රේලියානු ජනගහනයට එක්ව තිබෙනවා.
නව උපත් සහ මරණ අනුව ජනගහනය ස්වභාවික වැඩිවීම සටහන් වන්නේ පුද්ගලයන් 106,400 ක් ලෙස වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 3.4 ක වැඩිවීමක් බව සදහන්.
එම කාලය තුළ නව උපත් 289,100 ක් සහ මරණ 182,700 ක් ලියාපදිංචි වී ඇති අතර, උපත් සියයට 0.7 කින් සහ මරණ සියයට 2.9 කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.