Search

පළමු වරට NRL තරගාවලියට පැපුවා නිව්ගිනියා රාජ්‍ය එක්වෙයි

පළමු වරට ජාතික රග්බි ලීග් තරගාවලිය සදහා පැපුවා නිව්ගිනියා රාජ්‍ය එක්ව තිබෙනවා.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ පැපුවා  නිව්ගිනියා රාජ්‍ය 2028 වසරේ සිට එම තරග සදහා ඉදිරිපත්වන බවයි.

මාස ගණනක සාකච්ඡා වල ප්‍රතිපලයක් ලෙස මෙලෙස පැපුවා නිව් ගිනියාවට ජාතික රග්බි ලීග් තරගාවලිය සදහා එක්වීමට අවස්ථාව හිමි වුණා.

පැවුවා නිව් ගිනියාහි ජාතික ක්‍රීඩාව වන්නේ ද රග්බි ක්‍රීඩාව වන අතර එම රටෙන් රග්බි ජාතික කණ්ඩායමක් ලැබීම වඩාත් සුදුසු බව ඇන්තනී ඇල්බනීස් ප්‍රකාශ කළා.

පළමු දිනයේ සිටම මිලියන ගණනක් රසිකයින් එම කණ්ඩායම හා එක්වනු ඇතිබව ද අග්‍රාමාත්‍යවරයා එහිදි සදහන් කළා.

පැපුවා නිව්ගිනියා රසිකයින් පමණක් නොව බොහෝ ඔස්ට්‍රේලියානුවන් ද ඔවුන්ව සාදරයෙන් පිළිගනු ඇතැයි සදහන්.

ඔස්ට්‍රේලියාව, පැපුවා නිව්ගිනියාව සහ සමස්ත පැසිෆික් කලාපය සඳහාම මෙය ඓතිහාසික පියවරක් වනු ඇති බව විචාරකයින් පවසනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »