සංචාරක බුබුළට අගමැති මොරිසන් ගේ ප්‍රසාදය – AusLanka TV – Australian News for the Sri Lankan community

සංචාරක බුබුළට අගමැති මොරිසන් ගේ ප්‍රසාදය

සංචාරක බුබුළට අගමැති මොරිසන් ගේ ප්‍රසාදය

අප්‍රේල් මස 18 වැනිදා Wellington වෙලාවට අනුව රාත්‍රී 11.59ට සහ ඕස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් (AEST) රාත්‍රී 9.59 ට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර සංචාරක බුබුල ආරම්භ වීමට නියමිතව තිබේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison ද නවසීලන්තයේ මෙම තීරණයට දැඩි සහයෝගයක් පලකොට තිබේ.

මෙය රටවල් දෙකම ලබාගත් ජයග්‍රහණයක් වන අතර රැකියා, පුද්ගල සම්බන්ධතා ඇතුළු වෙනත් බොහෝ ක්ෂේස්ත්‍ර ඔස්සේ නැවතත් දෙරට අතර සම්බන්ධතා ගොඩනැගෙන බවද ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කොට සිටී.

නවසීලන්තය වෙත සංචාරය කරන පිරිස, ලොව වෙනත් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සමග සම්බන්ධතාවයක් ඇති නොවන පරිදි ගුවන් තොටුපල වල සහ ගුවන් යානා වල “green zone” එක ඔස්සේ සිය සංචාරය සිදු කල යුතු වේ.

ඔස්ට්‍රේලියාව තුල Lockdown තත්වයක් මතු වුවහොත් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඉඩ පවතී.

COMMENTS