
අද අලුයම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්, මැසෙන්ජර් සහ ත්‍රෙඩ් යන සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට පැවති අපහසුතා මේ වන විට සියයට 99ක් පමණ නිවැරදි කර ඇති බව මෙටා සමාගම නිවේදනය කර තිබෙනවා.
අන්තර්ජාල බාධා කිරීම් නිරීක්ෂණය කරන වෙබ් අඩවියක් වන Downdetector වෙත මෙම වේදිකා සම්බන්ධයෙන් පැමිණිලි 150,000කට වඩා අද අලුයම ලැබී තිබුණා.
මෙටා සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ “අපගේ යෙදුම් වෙත ප්‍රවේශ වීමට සමහර පරිශීලකයින්ට අද අලුයම ගැටලුවක්ව පැවති බවත් මෙය තාක්ෂණික ගැටලුවක් වන බැවින් හැකි ඉක්මනින් 100% සමනය කරන බවයි” එහි දන්වා ඇත්තේ.

පරිශීලකයින්ට සිදුවූ අපහසුතාවයට සඳහා meta සමාගම සමාව අයැද සිටින බව ප්‍රකාශ කර ඇති අතර සිය පරිශීලකයින් ඉවසීමෙන් කටයුතු කිරීම ගැන ස්තුතිය ද ප්‍රකාශ කර තිබුණා.
තවද Facebook හි වාර්තා වූ ඇනහිටීම් සංඛ්‍යාව 1,200 කට වඩා අඩු ව ඇති අතර , Instagram හි බිද වැටීම් වාර්තා 68,000 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.
