Search

නත්තල් ඉලක්ක කර Jetstar ගුවන් ගමන් ගාස්තු රැසක් අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සමාගමක් වන Jetstar ගුවන් සමාගම උත්සව සමය මුල්කරගනිමින් දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 70 කට වැඩි ප්‍රමාණයක් සඳහා සිය ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ගුවන් ගමන් ගාස්තු ආරම්භක අගය ඩොලර් 35ක් බව සදහන්.

නත්තල් නිවාඩු සමය තුළ දේශීය ගුවන් ගමනක් අපේක්ෂාවෙන් සිටින සංචාරකයන්ට Jetstar හි මෙම නත්තල් වාසිය ලබා ගත හැකියි.

මෙම වාසි සහගත පැකේජ ලබා දීම ඊයේ සිට ආරම්භ වූ අතර දෙසැම්බර් 15 වන ඉරිදා රාත්‍රී 12 තෙක් අදාළ වෙන් කර ගැනීම් සිදුකිරීමේ හැකියාව පාරිභෝගිකයින්ය හිමිවනවා.

තවද Club Jetstar සමාගමෙහි සාමාජිකයින්ට තවදුරටත් සුවිශේෂී ගාස්තු අඩු කිරීමක් සිදුවන අතර ආරම්භක ගාස්තු ඩොලර් $29 සිට බව සදහන්.

මෙම ගාස්තු අඩු කිරීමේ පැකේජ වාසිය ඔස්ට්‍රේලියානුවන් 140000කට පමණ හිමිවන බවයි වාර්තා වන්නේ.

Jetstar හි දේශීය ගමන්වලට අවම ගාස්තු පහත පරිදි වේ.

Sydney සිට Ballina Byron $35 සිට
Hobart සිට Melbourne (Tullamarine) $49 සිට
Canberra සිට Gold Coast දක්වා $60 සිට
Gold Coast සිට Melbourne (Tullamarine) $59 සිට

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »