![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි රෝහල් වෙත හදිසි ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත වේලාවට වෛද්‍යවරුන් හමු නොවන බවට නව දත්ත වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සෞඛ්‍ය තොරතුරු කාර්යංශය (BHI) විසින් නිකුත් කර තිබෙන ප්‍රාන්ත සෞඛ්‍ය සේවය සම්බන්ධ කාර්තු දත්ත වාර්තාවෙන් වීම ද විශේෂත්වයක්.
2024 වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාල සීමාවේදී ස්වාධීන ආයතනයක් විසින් රැස් කර ගන්නා ලද දත්ත අනුසාරයෙන් මෙම වාර්තාව සකස් කර තිබෙන බවයි සදහන් වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
අදාළ කාලසීමාව තුළදී රෝගීන් 787,590 ක් පමණ හදිසි ප්‍රතිකාර අංශ වෙත පැමිණ තිබෙන අතර එම රෝගීන් අතරින් 195,703 ක් ගිලන් රථ උපයෝගී කරගෙන පැමිණ තිබෙන බවයි එහි දැක්වෙන්නේ.
එම දත්ත වාර්තාව හරහා පෙන්වා දී ඇත්තේ හදිසි ප්‍රතිකාර අංශ වෙත පැමිණෙන ජීවිත අවදානමක් සහිත හා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බවයි.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
මේ අතර එම රෝගීන්ගෙන් 61.3% ක වාර්තාගත අඩු ප්‍රමාණයක් පමණක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රෝහල්වල පිහිටි හදිසි ප්‍රතිකාර අංශ හරහා නියමිත වේලාවට ප්‍රතිකාර සදහා යොමු වී සිටින බවයි එම වාර්තාව හරහා තවදුරටත් හෙළිදරව් වී ඇත්තේ.