Search

ආදායම මත සෑම පවුලකටම $ මිලියන 427 ChildCare සහනාධාර

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂයට නැවත වරක් ආණ්ඩු බලය හිමි වුවහොත් එක් පවුලකට සතියකට දින තුනක් ළමා සුරැකුම් සහනාධාර ලබා දෙන බවට ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ සදහා ඉදිරි වසර 5 ක කාල සීමාව තුළ ඩොලර් මිලියන 427 ක් වැය කිරීමට අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් වූ Productivity Commission හි වාර්තාවක් හරහා නිර්දේශ කර ඇත්තේ වාර්ෂික ආදායම ඩොලර් 530,000 ක් දක්වා උපයන සෑම පවුලක් සදහාම සතියකට දින තුනක් ළමා සුරැකුම් සහනාධාර ලබා දෙන ලෙසයි.

මේ අතර පූර්ව ළමාවිය අධ්‍යාපන මධ්‍යස්ථාන ගොඩ නැංවීම සහ පුළුල් කිරීම වෙනුවෙන් ඩොලර් බිලියන 1 ක අරමුදලක් ද සකස් කරන බව ද මෙහිදී ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා විසින් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ.

දැනට ක්‍රියාත්මක වන පවුලකට ලැබිය යුතු සහනාධාර මට්ටම තීරණය කිරීම සදහා යොදාගන්නා ක්‍රමවේදය ද ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් පසු ඉවත් කිරීමට සැලසුම් කරන බව අග්‍රාමාත්‍යවරයා විසින් විසින් සදහන් කර තිබීම ද විශේෂත්වයක්.

එළඹෙන වසරේ පැවැත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණයෙන් කම්කරු පක්ෂය ජයග්‍රහණය කළහොත් මෙම ප්‍රතිපත්තීන් 2026 වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක වන බවයි එහි දැක්වෙන්නේ.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »