Search

Australia Day ගැන වික්ටෝරියාවේ කවුන්සිල කිහිපයක් තීරණයක් ගනී

වික්ටෝරියා ප්‍රාන්තයේ නගර සභා (Councils) කිහිපයක් විසින් ජනවාරි 26 දින ඔස්ට්‍රේලියා දිනය (Australia Day) සැමරීම සම්බන්ධයෙන් සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

මෙවැනි පසුබිමක Geelong නගර සභාව (City Council) විසින් ජනවාරි 26 දින ඔස්ට්‍රේලියා දිනය (Australia Day) සැමරීය යුතු බවට සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙන අතර 2026 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි එම දිනය වෙනස් කිරීම සදහා ඔවුන් තවදුරටත් පෙනී නොසිටින බවයි සදහන් වන්නේ.

Geelong නගර සභාවේ සභික Eddy Kontelji විසින් සභාව වෙත ඉදිරිපත් කළ මෙම යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබීම ද විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කර ජනවාරි 26 වෙනිදා පැවැත්වෙන මීලඟ සභා රැස්වීමේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි.

මධ්‍යම වික්ටෝරියා හි Avenel, Euroa, Strathbogie, Longwood සහ Nagambi යන කලාප ඇතුලත් Strathbogie කවුන්සිලය ද ජනවාරි 26 දින ඔස්ට්‍රේලියා දිනය සැමරීම සම්බන්ධයෙන් යෝජනා සම්මත කිරීමක් සිදු කර තිබෙන බවයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් 2017 වසරේදී වික්ටෝරියා ප්‍රාන්තයේ මෙරිබෙක් නගර සභාව විසින් ජනවාරි 26 වනදා ඔස්ට්‍රේලියා දිනය සැමරීම නවතා දැමීමට තීරණය කළ අතර 2022 වසරේදී මෙල්බන් නගර සභාව විසින් ද ඔස්ට්‍රේලියානු දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් කටයුතු කර තිබීම ද කැපී පෙනෙනවා.

prime

මිලයට ගත් සුපිරි නිවස ගැන ඔස්ට්‍රේලියා අගමැති දැන් කියන කථාව

සුපිරි නිවසක් මිලට ගැනීම දේශපාලන තීරණයක් නොව පෞද්ගලික තීරණයක් බව ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »
murali

මෙවර වෝන් මුරලි කුසලානයේ ජයග්‍රාහකයන් ගැන මුරලිගෙන් අනාවැකියක්

2019 වසරේදී අත්හරුණු වෝන් – මුරලි කුසලානය මෙවර ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක සහ ලොව වැඩිම කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් පවසනවා.

Read More »
driver

වික්ටෝරියා රිය අනතුරු වලට ප්‍රධාන හේතුවක් හදුනාගනී

රිය අනතුරුවලින් තුවාල ලැබූ හෝ මිය ගිය රියදුරන් දස දෙනෙකුගෙන් එක් අයෙකු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට වික්ටෝරියා අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

Read More »