Search

අහම්බෙන් බැලූ ලොතරැයියට $ මිලියන 50ක ජයක්

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියෙකුට ඩොලර් මිලියන 50 ක ලොතරැයි ජයක් හිමිව තිබෙනවා.

Burra හි පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා විසින් අහම්බෙන් තම ලොතරැයි ටිකට් පත පරීක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා තමන්ගේ පෞද්ගලික තොරතුරු හෙළි නොකිරීමට අදහස් කරගෙන සිටින බවයි පැවසෙන්නේ.

මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේදී ඇඩිලේඩ් හි වැසියෙකු  ඩොලර් මිලියන 150 ක පවර් බෝල් ලොතරැයි ජයග්‍රහණයක් හිමි කර ගත් පසුබිමක මෙම ලොතරැයි ජයග්‍රහණය සැලකෙන්නේ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියෙකු විසින් මෙම වසරේදී ලැබූ දෙවන විශාලතම ලොතරැයි ජයග්‍රහණය ලෙසයි.

මෙම ලොතරැයි ජයග්‍රහණයෙන් පසුව එම පුද්ගලයා රැකියාවෙන් සමුගන්නා බවට සදහන් කර තිබීම ද විශේෂත්වයක්.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »