ඔස්ට්‍රේලියාවේ වඩාත් තෙතමනය සහිත පළාත් පාලන ප්‍රදේශ 10ක් නම් කර තිබෙනවා.
ඒ අනුව ග්‍රීෂ්ම සෘතුවේ වැඩිම තෙත් සහිත ප්‍රදේශ කිහිපයක් හදුනාගෙන ඇති අතර ඔස්ට්‍රේලියානු සෑම ප්‍රදේශයක්ම මෙලෙස තෙත් සහිත බවක් පෙන්නුම් නොකරන බව සදහන්.
ඒ අනුව ග්‍රීෂ්ම සෘතුවේ වැඩිම තෙතමනයක් සහිත ප්‍රදේශය ලෙස NT හි ඩාවින් නගරය නම් කර තිබෙනවා.
ඩාවින් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම තෙතමනය සහිත ප්‍රදේශය වන අතර සාමාන්‍ය වායු තෙතමනය ඉහළ අගයක් ගන්නා බව සදහන්.
එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානයට නම් කර ඇත්තේ ක්වින්ස්ලන්ඩ් හි Townsville නගරයි.
තවද ඔස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම සෘතුවේ වැඩිම තෙතමනයක් සහිත ප්‍රාන්තය ලෙස නම් කර ඇත්තේද ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයයි.
ඒ අනුව පිළිවෙළින් ඔස්ට්‍රේලියාවේ වඩාත් තෙතමනය සහිත ප්‍රදේශ ලෙස
Cairns(Queensland),
Mackay (Queensland),
Fraser Coast (Queensland),
Sunshine Coast (Queensland),
Redland (Queensland),
Gold Coast (Queensland),
Brisbane (Queensland),
Ipswich (Queensland) නම් කර තිබෙනවා.