ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
තරුණ ඔස්ට්‍රේලියානු තාක්ෂණික සමාගමක් ඩොලර් බිලියන ගණනක ලාභයක් අත්කරගැනීමෙන් පසුව සමාගම් බලධාරීන් විසින් මෙම බෝනස් දීමනාව ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
AirTrunk සමාගම විසින් මෙලෙස දීමනා ලබා දීම ආරම්භ කර ඇති අතර දීමනා ලබා දිම සඳහා ඩොලර් මිලියන 22ක් මුදලක් වැය වන බව සඳහන්.
උත්සව සමයත් සමග ඔස්ට්‍රේලියාවේ බොහෝ ආයතන සේවකයින් සඳහා බෝනස් දීමනා පිරිනමන අතර ඩොලර් 65000ක බෝනස් දීමනාවක් ලබා දෙන එකම ආයතනය මෙය විය හැති බවයි අනාවැකි පල කර ඇත්තේ.
මෙලෙස ආයතනයේ වාර්තාගත ආදායම සේවකයින් වෙත දැනුම් දී ඇති අතර ඒ වෙනුවෙන් කැපවු සේවක මණ්ඩලයට මෙලෙස බෝනස් දීමනාවක් ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.
සමාගම් ප්‍රධානීන් සඳහන් කර ඇත්තේ සමාගමේ මූල්‍ය සාර්ථකත්වය තම සේවකයින් මත පදනම් වන බැවින් ඒ වෙනුවෙන් සේවකයින් ඇගයීමක් සිදු කළ යුතු බවයි.