වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් හි කුලී රථ නීතිවිරෝධී ධාවනයන්ගෙ නිරත වන බවට ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබෙනවා.
ඒ Taxi රියදුරන් මගීන්ගෙන් අධික ගාස්තුවක් අය කිරීම සහ රියදුරන් මීටර් භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ වාර්තා සමඟයි.
මෙල්බර්න් හි පසුගියදා සිදුවූ ප්‍රධාන සිදුවීම් වලින් අනතුරුව බලධාරීන්ගේ අවදානය මේ වෙත යොමුව තිබෙනවා.
එහිදී විවිධ රියදුරන් කිලෝමීටර් 10ට අඩු කෙටි සංචාර සඳහා ඩොලර් 85- ඩොලර් 200ත් අතර අගයක් ඉල්ලා සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මගීන්ගෙන් වැඩි ගාස්තු ඉල්ලන රියදුරන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන අතර ඩොලර් 2000ක දඩයකට යටත්වීමට සිදුවන බව දන්වා තිබෙනවා.
මීටර් භාවිතය ප්‍රතික්ෂේප කිරීමට Taxi රියදුරන්ට කිසිදු අවස්ථාවක් නොමැති අතර එසේ කරන රියදුරන්ට එරෙහි පැමිණිලි ඉදිරිපත් කරන ලෙසයි මගීන්ට දන්වා ඇත්තේ.