![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
මෙල්බන් සහ සිඩ්නි ගුවන්තොටුපල මෙම සති අන්තයේ වඩාත් කාර්යබහුල වනු ඇති බවට ගුවන්තොටුපල ආරංචිමාර්ග පුරෝකතනය කර තිබෙනවා.
2019න් පසු වාර්තාගත වැඩිම අගයක් ඉදිරි සති අන්තයේ ගුවන් ගමන් සදහා එක්වනු ඇතැයි සදහන්.
සිඩ්නි ගුවන්තොටුපල පුරෝකථනය කර ඇති පරිදි මගීන් මිලියන 5.8ක් 2024 දෙසැම්බර් 13වනදා සිට 2025 ජනවාරි 27 දක්වා එහි පර්යන්ත හරහා ගමන් කිරීමට නියමිත බවයි.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
එම කාල සීමාව තුළ ජාත්‍යන්තර මගීන් මිලියන 2.5 ක් සිඩ්නි ගුවන්තොටුපල වෙත පැමිණෙනු ඇතැයි සදහන්.
තවද නත්තල් සහ අලුත් අවුරුදු කාලසීමාව තුළ මිලියන 10කට අධික ගුවන් මගීන් පිරිසක් සිඩ්නි සහ මෙල්බන් ගුවන්තොටුපල දෙක වෙත පමණක් පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)
තවද මෙල්බර්න් සිට හොඳම ජාත්‍යන්තර ගමනාන්ත පහ ලෙස හොංකොං, සිංගප්පූරුව, ක්වාලාලම්පූර්, ඕක්ලන්ඩ් සහ බාලි යන ගමනාන්ත හැදින්වෙනවා.
මෙල්බර්න් ගුවන් තොටුපළ එහි පර්යන්තය සහ මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කරමින් සිටින අතර මගීන්ට ඔවුන්ගේ ගමන් කාලයට අමතර විනාඩි 30කට පෙර පැමිණෙන ලෙසයි නිර්දේශ කර ඇත්තේ.
ගුවන් ගමන් පමණක් නොව උත්සව සමය සඳහා ටොන් 50,000ක් ජාත්‍යන්තර සහ දේශීය භාණ්ඩ ප්‍රවාහනය කිරීමට Qantas සූදානම් වන බවද සදහන් කර තිබෙනවා.