Kmart ජනප්‍රිය නත්තල් නිෂ්පාදනයක් රසායනික දෝෂයක් හේතුවෙන් යළි කැදවා තිබෙනවා.
රට පුරා Kmart වෙළඳසැල් වල අලෙවි කරන ජනප්‍රිය නත්තල් ඇඳ ඇතිරිලි ආවරණ කට්ටලක් මෙලෙස ආපසු කැදවා ඇත්තේ
ඔස්ට්‍රේලියානු පාරිභෝගික කමිෂන් සභාව සදහන් කලේ මෙම ඇද ඇතිරිලි කට්ටලයට, ඇද ඇතිරිලි මෙන්ම කොට්ට උරද ඇතුළත් බවයි.
ඒ අනුව නත්තල් තේමාවෙන් යුත් ඇඳ ඇතිරිලි ආවරණ කට්ටල සහ කොට්ට උර කට්ට, පාරිභෝගිකයින් තුළ ප්‍රතික්‍රියා ඇති කළ හැකි ප්‍රබල රසායනික ගන්ධයක් නිකුත් කරන බවටයි ඔස්ට්‍රේලියානු තරඟකාරිත්ව සහ පාරිභෝගික කොමිසම (ACCC) අනතුරු අඟවා ඇත්තේ.
මෙලෙස බලපෑමට ලක් ඇද ආවරණ කට්ටල අතර Mr & Mrs Claus queen bed quilt cover set, Christmas Elf ආපසු හැරවිය හැකි තනි ඇඳ ඇතිරිලි ආවරණ කට්ටලය, Merry Christmas pillowcase set, Santa & Elves pillowcase set සහ Christmas Quilt තනි ඇඳ ඇතිරිලි ආවරණ කට්ටලය ඇතුළත්.
අදාළ නිශ්පාදන Anko සන්නාමය යටතේ විකුණනු ලබන අතර එම ඇද ඇතිරිලි කට්ටල වලින් නිකුත් ගන්ධය ආශ්වාස කළහොත් රෝගාබාධ ඇති කළ හැකි අතර පරිභෝගිකයින් කුපිත කරවන ආකාරයේ ගන්ධයක් බවයි වාර්තා වන්නේ.
මෙම ඇද ඇතිරිලි කට්ටල සැප්තැම්බර් 22 සිට දෙසැම්බර් 4 දක්වා අලෙවි kmart හි අලෙවි කරන ලද අතර මෙම නිශ්පාදන දැනටමත් මිලදී ගෙන ඇති නම් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස පරිභෝගිකයින්ට දැනුම් දී ඇති අතර මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාව හිමිවනවා