Search

වික්ටෝරියා හි සංක්‍රමණිකයින්ට රැකියා දෙන්න අලුත්ම වැඩක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සංක්‍රමණිකයින්ට රැකියා සොයා ගැනීම පහසු කිරීම සදහා නවතම සේවාවක් ප්‍රාන්ත රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

සංක්‍රමණිකයින්ට රැකියාවක් සොයාගැනීමට පහසු කරවන නොමිලේ උපකාර සේවයක් වන මෙය සදහා වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සෑම සංක්‍රමණිකයෙක් සදහාම අවස්ථාව හිමිවනවා.

තවද භාෂාව ගැටලුවක් වන ඔස්ට්‍රේලියානුවන්ට තම ස්ව භාෂාවෙන් සේවා ලබා ගැනීමේ අවස්ථාව හිමිවන අතර 131 450 යන ක්ෂණික දුරකතන අංකය හා සම්බන්ධ වීමෙන් අවස්ථාව හිමිවනවා.

තවද [email protected] යන email ලිපිනය ද 1300 208575 යන දුරකතන අංක ඔස්සේ ද අදාළ සේවා ලබා ගැනීමේ හැකියාව සංක්‍රමණිකයින්ට හිමිවන බවයි ප්‍රාන්ත රාජ්‍ය වෙබ් අඩවියේ දන්වා ඇත්තේ.

රැකියාවක් සොයාගැනීමට අවශ්‍ය වැඩ සහ ඉගෙනුම් මධ්‍යස්ථාන, මෙන්ම උපදේශන සහ නොමිලේ වෘත්තිය පුහුණු සේවාවන්ට සහභාගිවීමේ අවස්ථාව මේ හරහා අවස්ථාව හිමිවනු ඇති.

තවද සංක්‍රමණිකයින්ට රැකියා සොයා ගැනීමේ ගැටලු ඇත්නම් ඒ පිළිබද තොරතුරු වෙබ් අඩවියෙහි වූ ෆෝරමය පුරවා ඉදිරිපත් කළ හැකි අතර ක්ෂණික පිළිතුරු සෙව්වාවක් ද ක්‍රියාත්මක බවයි වික්ටෝරියා ප්‍රාන්ත රාජ්‍ය වෙබ් අඩවිය දැනුම් දෙන්නේ.

බොහෝ සංක්‍රමණිකයින් රජයෙන් ලබා දෙන නොමිලේ සේවා ගැන නොදැනීම හේතුවෙන් බොහෝ නොමිලේ අවස්ථා මගහරවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »