බොක්සිං දිනයට (Boxing Day) සමගාමීව පැවැත්වෙන ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වනවිට අවසන් වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවට ජය හිමි වෙමින් ඉකුත් දා නිමාව දුටු ඉන්දු – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයෙන් පසුව Boxing Day ටෙස්ට් තරගය කෙරෙහි ප්‍රේක්ෂකයන් තුළ විශාල උද්යෝගයක් පවතින බවයි සදහන් වන්නේ.
එළඹෙන 26 වනදා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (MCG) ආරම්භ වීමට නියමිත Boxing Day ටෙස්ට් තරගය සදහා දෙසැම්බර් 24 වනදා යළි සුළු ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වනවා.
මේ අතර නව අවුරුදු උදාවට සමගාමීව සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (SCG) හීදී පැවැත්වීමට
නියමිත ඉන්දු – ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයේ පළමු දින තුන දක්වා නිකුත් කර තිබෙන A සහ B කාණ්ඩවල ප්‍රවේශ පත්‍ර ද වේගයෙන් අලෙවි වන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඉකුත් දා ඇඩිලේඩ් හීදී පැවති දෙවන ටෙස්‍ට් තරගය නැරඹීම සදහා දින තුනක් තුළ 135,012 ක වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වී තිබීම ද විශේෂත්වයක්.
ඩිජිටල් අවකාශය හරහාද මෙම තරගය වාර්තාගත ප්‍රේක්ෂකයින් පිරිසක් විසින් නරඹා තිබීම ද කැපී පෙනෙනවා.