Search

මෙල්බන් හි තවත් ළදරු පාසල් 900 ක් ඉදිවෙන ළකුණු

මෙල්බන් හි සීග්‍ර වර්ධනයක් අත් කර ගනිමින් සිටින ප්‍රදේශවල අධ්‍යාපනය සදහා වන ඉල්ලුම ඉදිරි වසර 10 ක කාල සීමාව තුළ වර්ධනය වන බවට නවතම අධ්‍යයනයක් ඔස්සේ හෙළිදරව් වී තිබෙනවා.

ඒ අනුව අදාළ කාල සීමාව වන විට ළදරු පාසල් ඇතුලු අධ්‍යාපන මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක අවශ්‍යතාවය ඉදිරියේදී වර්ධනය වන බවයි Infrastructure Victoria විසින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

2036 වසර වන විට එම කලාපය වෙත නව ළදරු පාසැල් 900 ක් පමණ අවශ්‍ය වන බවයි එහි නිර්දේශ වශයෙන් සදහන් කර තිබෙන්නේ.

ළමා කටයුතු අමාත්‍ය Lizzie Blandthorn විසින් අවධාරණය කර ඇත්තේ රජයේ අවධානයට ලක්ව තිබූ මෙම තත්වය අදාළ වාර්තාව හරහා තහවුරු වූ බවයි.

මේ අතර 2026 වසර වනවිට නව පාසල් 100 ක් පමණ ඉදි කිරීම සදහ රජය විසින් සැලසුම් සකස් කරන බවයි එහි දක්වා ඇත්තේ.

නමුත් Infrastructure Victoria විසින් සදහන් කර ඇත්තේ ඉදිරි වසර 10 කාල සීමාව සදහා තවත් පාසැල් 60 ක් පමණ අවශ්‍ය වන බවයි.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »