උත්සව සමයේ සුපිරි වෙළද සැල්වල භාණ්ඩ මිල සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.
Choice විසින් ඔස්ට්‍රේලියාව පුරා පිහිටි සුපිරි වෙළද සැල් 140 කට පමණ පාරිභෝගිකයන් යවා රහසිගතව ලබාගත් දත්තවලට අනුව මෙම අධ්‍යයනය සිදුකර තිබෙන බවයි සදහන් වන්නේ.
ඒ අනුව එම අධ්‍යයනය හරහා හෙළිදරව් වී ඇත්තේ “Lamb Leg” මිලදී ගැනීම සදහා ලාභදායීම සුපිරි වෙළද සැල් ජාල වන්නේ Coles සහ Woolworths බවයි.
Coles සහ Woolworths සුපිරි වෙළද සැල් විසින් “Lamb Leg” කිලෝ එකක් ඩොලර් 12.89 කට අලෙවි කරන බවයි Choice හි ප්‍රධාන විධායක ඇෂ්ලි ද සිල්වා විසින් ප්‍රකාශ කර ඇත්තේ.
Aldi සුපිරි වෙළද සැල් හරහා පාරිභෝගිකයන්ට “Lamb Leg” කිලෝ එකක් ඩොලර් 13.99 කට මිලදී ගැනීමට අවකාශය හිමි වනවා.
මේ අතර භාණ්ඩ වර්ග 14 ක් සහිත කූඩයක මිල සංසන්දනය කිරීමේදී Aldi සුපිරි වෙළද සැල් ජාලය පාරිභෝගිකයන් සදහා ලාභදායී බවද මෙම අධ්‍යයනය හරහා අනාවරණය වී තිබෙනවා.
එහිදී Aldi හි මිල ඩොලර් 50.63 ක් ලෙස සටහන් ව තිබූ අතර Coles හා Woolworths හි මිල පිළිවෙලින් ඩොලර් 66.18 ක් සහ ඩොලර් 69.17 ක් ලෙස සටහන්ව තිබීමද විශේෂත්වයක්.
මෙවැනි පසුබිමක භාණ්ඩ වර්ග 14 ක් සහිත කූඩයක වැඩිම මිල IGA හී සටහන් වූ අතර එම මිල ඩොලර් 73.80 ක් වීමද මෙහිදී කැපී පෙනෙනවා.