Search

අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක් ගැන සැකයක් හේතුවෙන් යළි කැඳවයි

Caruso විසින් අලෙවි කරන ලද ඖෂධ වර්ග කිහිපයක් යළි කැදවීමට පියවර ගෙන තිබෙනවා.

මෙලෙස සමාගම විසින් යළි කැදවීමට පියවර ගෙන ඇත්තේ Caruso’s Natural Health හි Wee Less , Bloat Eze Capsules සහ Ashwangandha 7500 Tablets යන වර්ගව ඇතුළු නිෂ්පාදන කිහිපයක් බවයි Australian Therapeutic Goods Administration (TGA) විසින් සදහන් කර ඇත්තේ.

TGA විසින් අවධාරණය කර ඇත්තේ එම Caruso නිෂ්පාදනවල තිබී වෙනස් පෙනුමක් ඇති සැක උපදවන ආකාරයේ Capsules වර්ග හමුවී ඇති බවයි.

මෙම සැක කටයුතු Capsules වල ස්වභාවය සහ ඒ හරහා පාරිභෝගිකයන්ට ඇති විය හැකි අවදානම් තත්වය පිළිබදව මෙතෙක් හදුනාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලට අනුව මේවායේ කොකෝවා කුඩු සහ Probiotics අඩංගු විය හැකි බවයි අනුමාන කෙරෙන්නේ.

මේ හරහා බලපෑම් එල්ල වී ඇත්තේ Wee Les හි Q01661 , Bloat Eze හි Q01516 , Q01518 සහ Ashawangandha 7500 හි Q01687 යන කාණ්ඩ අංකවලට අයත් නිෂ්පාදන සදහා පමණක් බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Australia Day හි රිය ධාවනය සම්බන්ධයෙන් වික්ටෝරියානුවන්ට දැනුම් දීමක්

ජනවාරි 26 දිනයට යෙදී ඇති Australia Day දිනයට සමගාමීව එක් එක් ප්‍රාන්තයේ ද්විත්ව අප්‍රසාද ළකුණු (double demerits) නිකුත් කෙරෙන දින වකවානු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

විදෙස් සංචාරයන් අතර තුර Passport එක ගැනත් අවධානයෙන් ඉන්න

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා.

Read More »

පළමු සති දෙකට ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වෙයි

මෙම වසරේ ජනවාරි මස මැද භාගය අවසන් වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පිළිබඳ දත්ත වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Read More »