Search

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි Mitchell River හි මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

ඒ Bull Shark වර්ගයේ මෝරෙකු Mitchell River හි පිහිනන ආකාරය දුටු පුද්ගලයෙකු ඒ සම්බන්ධව බලධාරීන් වෙත දීමත් සමගයි.

මෙල්බන් නගරයේ සිට කිලෝමීටර් 270 ක් පමණ නැගෙනහිරට වන්නට පිහිටා ඇති Mitchell River Summer සෘතුවේදී මසුන් ඇල්ලීමේ කටයුතු වලට මෙන්ම පිහිනුම් ක්‍රීඩාවලට ද ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක් බවයි සදහන් වන්නේ.

VicEmergency වෙබ් අඩවිය හරහා මෙම මෝරා සම්බන්ධ අනතුරු ඇඟවීමක් අද (10) නිකුත් කර තිබෙන අතර ඉදිරියේදී ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු එම වෙබ් අඩවිය හරහා ලබාගැනීමට හැකියාව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කෞතුකාගාරය විසින් පෙන්වා දී ඇත්තේ මෙම මෝරුන් විශේෂය ආහාර සෙවීම සහ ප්‍රජනන කටයුතු සදහා දීර්ඝ කාලයක් රැදී සිටින බවයි.

මෙම මෝරා දුටුවහොත් 000 හදිසි ඇමතුම් අංකය වෙත හෝ ජීවිත ආරක්ෂකයෙකු වෙත ඒ බව දැනුම් දෙන ලෙසයි බලධාරීන් විසින් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »