Search

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් කථානයකගේ ආචාර්ය කම ඉවත් කරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් කථානයකගේ ආචාර්ය පදවිය ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රී නාමාවලියෙන් “ආචාර්ය” යන නාමය ඉවත් කිරීමෙන් පසු කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම් විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

කලින් ලැයිස්තුගත කර ඇත්තේ “Dr. අශෝක රන්වල,” ලෙස වන අතර මේ වන විට “අශෝක රන්වල මන්ත්‍රී” ලෙසින් සදහන් කර ඇති බවයි පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි දැක්වෙන්නේ.

රන්වල මහතා තමන් ආචාර්ය උපාධි ධාරියෙකු බව පැවසූවද ඔහුට එවැනි ආචාර්ය උපාධියක් හෝ මොරටුව විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් මූලික උපාධියක් හෝ නැතැයි ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රශ්න කරන පාර්ශ්වයන් සදහන් කරනවා.

කෙසේ වෙතත්   අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටියේ, කතානායකවරයා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ඉදිරියේ දී ප්‍රකාශයක් සිදුකරනු ඇති බවයි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »