Search

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

දෙසැම්බර් 19 වනදා නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිත තරගාවලිය සදහා එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ද ඇතුලත්.

21 හැවිරිදි වියේ පසුවන ඇය ඉන්දීය කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඇය සහභාගී වූ මංගල තරග දෙකේදී ලකුණු 101 ක් සහ නොදැවී ලකුණු 46* ක් රැස් කිරීමට සමත් වීමද කැපී පෙනෙනවා.

මේ අතර NSW Breakers කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු Gavin Twining ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහකාර පුහුණුකරු වශයෙන් පත් කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙන බවට වාර්තා වනවා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමග මේ වනවිට පැවැත්වෙන CommBank එක්දින තරගාවලියේ 2 – 0 ක් ලෙස ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පෙරමුණ ගැනීමට සමත් ව තිබෙනවා.

දෙසැම්බර් 08 වනදා බ්‍රිස්බන් හී දී පැවති දෙවන එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා කළ තුන්වන වැඩිම එක්දින ලකුණු පුවරුව නිර්මාණය කිරීමට සමත්කම් දැක්වූවා.

කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා අලුත් වූ මෙම තරගයේදී ලකුණු 7000 සහ කඩුළු 300 ක් දවා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව බවට Ellyse Perry වාර්තා අතරට එක් වුණා.

දෙරට අතර අවසන් එක්දින තරගය හෙට දිනයේදී පැවැත්වීමට නියමිතයි.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »