![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-1-1.gif.pagespeed.ce.ljsE89I-Il.gif)
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට ඇමරිකාව විසින් චෝදනා දෙකක් එල්ල කරමින් සම්බාධක පනවා තිබෙනවා.
කපිල චන්ද්‍රසේනට එයාර්බස් ගුවන් යානා මිලට ගැනීම සඳහා අල්ලස් ගත් බවට සහ උදයංග වීරතුංගට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන්යානා මිලදී ගැනීමේ දුෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවටයි ඇමරිකාව චෝදනා එල්ල කර ඇත්තේ.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් 7031 (c) වගන්තිය යටතේ මොවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් යන දෙපාර්ශවයේම නම් ප්‍රසිද්ධ කර ඇති අතර ඔවුන්ට එරටට ඇතුලුවීම තහනම් කර තිබෙනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/MPOnaro.gif.pagespeed.ce.SNY-DfnGMw.gif)
එක්සත් ජනපදයේ මෙම සම්බාධක පැනවීම ඔවුන් දෙදෙනාට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුල් සාමාජිකයන්ටද (බිරිද සහ දරුවන්) අදාල යි.
ඒ අනුව ඔවුන් කිසිවෙකුට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් වනවා.
![](https://www.auslankatv.com/wp-content/uploads/2021/11/ezgif.com-animated-gif-maker-2.gif.pagespeed.ce.RF0Nn_tvKA.gif)