Search

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

එම වැඩසටහන මඟින් ඉන්දියානු විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට සහ වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවේ වසර දෙකක් දක්වා ජීවත් වීමට සහ වැඩ කිරීමට ද අවස්ථාව හිමිවන බව සදහන්.

තවද දින අයදුම් කිරීමේ අවස්ථාව ඊයේ සිට ආරම්භ කර ඇති අතර දින 30ක කාලයක් ඒ සදහා අයදුම් කිරීමේ කාලය හිමිවනවා.

පුනර්ජනනීය බලශක්තිය, පතල් කැණීම, ඉංජිනේරු විද්‍යාව, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, කෘතිම බුද්ධිය, මූල්‍ය තාක්‍ෂණය සහ කෘෂිකාර්මික තාක්‍ෂණය සුදුසුකම් ලත් අංශ මීට ඇතුළත් වනවා.

දින 30ක් සදහා මෙම අයදුම්පත් භාරගැනීම සිදු කෙරෙන අතර 2025 ජනවාරි 7වනදායින් අයදුම්පත් භාරගැනීම අවසන් වනු ඇති.

ඒ අනුව ජනවාරි 8 සිට මැයි 30 දක්වා සුදුසුකම් ලද් ඉන්දියානුවන් තෝරා ගැනීම සිදු කෙරෙන අතර මේ සදහා සුදුසුකම් ලත් ඉන්දියානුවන් 3000ක් සදහා වසර දෙකක් මෙරට රැදෙමින් අධ්‍යාපනයෙ සහ රැකියාවේ නිරතවීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »